FAST NEWS

24×7 Around the Globe

වසීම් ට විස්සයි -20 අහිමිවෙයි

(ෆාස්ට් නිව්ස් |  පාකිස්ථානය) – පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් වසීම් අබාධයකට ලක්ව තිබේ. ඔහු එම නිසා මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට ඇතුලත් කර තිබේ.

මීට පෙර පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට ද ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා. පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(28) ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.