FAST NEWS

24×7 Around the Globe

ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට පන්දු රැකීමේ නවතම ශිල්පීය ක්‍රම පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු රැකීමේ ක්‍රීඩක හා අයි.පී.එල්. ශූර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජොන්ටි රෝඩ්ස් අද (26දා) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

රෝඩ්ස් දින 10 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති අතර,ඔහු එම කාලය ඇතුළතදින තුන, දින තුන හා දින හතර ලෙස වර්ග කොට පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිතය.