(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ (13) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භ වෙයි.
ඔස්ට්‍රේලියාව නිමාවට පත් වූ විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තද, අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල දැක්වූ දස්කම් හේතුවෙන් එක්දින තරගාවලියේ ආරම්භක තරගය කෙරෙහි විශාල අවධානයක් යොමුව පවතී.








