(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව නිකුත් කරන මාසික ක්‍රීඩකයාට හිමි සම්මානය මැයි මාසයට අදාළව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.
එසේ නම් කෙරුණු පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේද ඇන්ජලෝ මැතිව්ස් ය.
නිමාවූ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙසේ මාසික ක්‍රීඩකයා ලෙස නම්ව ඇත.
මැතිව්ස්, බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරග දෙකේදී ලකුණු 344ක් රැස් කරගත් අතර, චිතගොං පළමු තරගයේදී ලකුණු 199ක් හා මීර්පූර් දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 145ක් රැස් කළේය.








