(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර ඇත.
මෙය විශ්මයජනක ජයග්‍රහණයක් බවත්, නායක දසුන් ශානක ඇතුළු කණ්ඩායමට මෙම ජයග්‍රහණය වෙනුවෙන් ස්තූතිවන්තවන බවත් ජනාධිපතිතුමා සදහන් කර තිබේ.








