(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔස්ට්‍රේලියාව සමග පැවති තෙවන හා අවසන් විස්සයි 20 තරගය කඩුලු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්රාහි ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 20 වෙනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය සම්පුර්ණ කර ගැනීමට සමත් වුණි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 25ක් තුලදී නොදැවී ලකුණු 54ක් රැස් කරනු ලැබීය. දසුන් ශානක ගේ ඉනීමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් එකතු විය.
දසුන් ශානක ගේ ඉනිමට අනගි සහයක් දැක්වූ චාමික කරුණාරත්න පන්දු 10 කදී ලකුණු 14ක් රැස් කරනු ලැබීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පන්දු ඕවර 20 දී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස් කළේය.
කෙසේ වුවද තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.








