FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම දිවිසැරියට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරට සංචාරයක නිරතවූ 1987 වසරේ ජූලි 30 වෙනිදා ඔහුව පිළිගැනීමට පැවති ආචාර පෙළපාලිය අවස්ථාවේදී විජිත රෝහණ විජේමුණි නම් වූ නාවික භටයා රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යරයාට රයිෆල් බදෙන් පහරදෙන ලොව ප්‍රකට වූ ඡායාරූපය එදා ලබාගත්තේ සේන විදානගම මහතා විසිනි.

ලේක් හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවයේ නිරත වූ සේන විදානගම මහතා පසුව ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා ලෙස සේවය කර තිබේ.