FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ඔස්ට්‍රේලියානු කන්ඩායම හා ශ්‍රි ලංකා කන්ඩායම අතර පලමු පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි අද පැවැත්වෙයි.

කන්ඩායම් දෙක අතර පන්දුවාර විස්සයි විස්ස තරග 03 ක් එක්දින තරග 05 ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්විමට නියමිතයි. කොළඹ දි හා මහනුවර දි තරග පැවැත්වෙයි. එහෙත් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කොටසක් වන ටෙස්ට් තරග දෙක පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදිය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමක් ශ්‍රි ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 06 කට පසුවයි. ආරොන් පින්ච් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයායි.

ශ්‍රි ලංකා පන්දු වාර විස්සයි විස්ස හා එක්දින කණ්ඩායමේ නායකත්වය දසුන් ෂානකට හිමි වී ඇති අතර. ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙන්නේ දිමුත් කරුණාරත්නයි.

ලබන සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේදි පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා කණ්ඩායම් මුණ ගැසෙන අවසන් අවස්ථාව මෙය බැවින් අද පැවැත්වෙන තරගය කන්ඩායම් දෙකටම වැදගත් වෙයි.

අද පැවැත්වෙන තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වි අවසන් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ සියලු තරග පිළිබඳව සජීවි විස්තර ප්‍රචාරයක් ක්‍රිඩාලෝලින් වෙත ගෙනඒමට ජාතික ගුවන්විදුලියේ ක්‍රිඩා විකාශය සුදානමින් සිටි.