(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය – 2021/2022 2022 පසුගිය 03 සහ 04 යන දිනයන්හිදී ශ්‍රී ජයවර්ධනපුර පිහිනුම් තටාක සංකීර්ණයේ සහ ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ජීවිතාරක්ෂක කණ්ඩායම් සුවිශේෂි දස්කම් දක්වන ලදි.
ගුවන් හමුදා පිරිමි කණ්ඩායම විසින් 70 වන ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ රන් පදක්කම් 01ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 05ක්ද, ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් රන් පදක්කම් 08ක් සහ රිදී පදක්කම් 08ක් ලබාගෙන සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකරගත්තේය .
ගුවන් හමුදා පිරිමි ‘බී’ කණ්ඩායම විසින් තුන්වන ස්ථානයද හිමි කර ගන්නා ලදී.








