FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා-පකිස්ථාන කාන්තා එක්දින තරගාවලිය අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා-පකිස්ථාන කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කරච්චි අගනුවරදී අද(01) ඇරඹේ.

තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙවන තරගය ලබන සිකුරාදා පැවැත්වෙන අතර තුන්වැනි හා අවසන් තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදාය.

මෙතෙක් කණ්ඩායම් දෙක අතර පැවති එක්දින තරග 30 කින් 21 ක්ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි. එහෙත් අවසන්වරට කණ්ඩායම් දෙක අතර 2018 දඹුල්ලේ පැවති තරගාවලිය තුනට බිංදුවක් ලෙස ජය ගැනීමට පකිස්ථාන කාන්තා කණ්ඩායම සමත් විය.