FAST NEWS

24×7 Around the Globe

මග යන රට වැසියන් ‘හමුවන’ පයින් යන මුදල් ඇමති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් වොෂින්ටන් නුවර මාර්ගවල සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් සිධු සමගයි.

මාර්ගයේ ඇවිද යන විට හමුවී ඉන්දියානුවන් සමග සාකච්ඡා කිරීමටද ඉන්දීය මුදල් අමාත්‍යවරිය අමතක කළේ නැහැ.

පසුගිය 18 දා ඇය ඇමරිකාවට පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමයේ සාකච්ඡාවට සහභාගී වීම සදහායි.