FAST NEWS

24×7 Around the Globe

හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

(ෆාස්ට් නිව්ස් |  ලාහෝර්) – පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 18 කට අධික කාළයක් පකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කළ හෆීස් මේ වන විට 41 වන වියේයි පසුවන්නේ.

ටෙස්ට් තරග 55 ක් / එක්දින තරග 218 ක් හා විස්සයි විස්ස තරග 119 ක් ක්‍රීඩා කර ඇති මොහොමඩ් හෆීස් තරග වාර්තා රැසක් පිහිටවූ ක්‍රීඩකයෙක්.

ගියවර පැවති එල් පී එල් ක්‍රිකට් තරගාවලියටද හෆීස් එක්වු අතර ඔහු නියෝජනය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අනුශුරතාවය දිනා ගත්තා.