FAST NEWS

24×7 Around the Globe

චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.