FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – කොදෙව් පලමු ටෙස්ට් තරගය අ​ද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තර​ග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමතයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වුවත්, කොදෙව්වන් මීට පෙර පාකිස්තානයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සමත් විය.

ඉන් එක් තරගයක් ඔවුන් ජය ගත් අතර, අනෙක් තරගය පරාජයට පත් විය.