FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් මිකී ආර්තර් ඉවත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කලේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි.

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආර්තර් පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රීඩා සමාජය පැවසුවේ ඔස්ටේ්‍රලියාව – දකුණු අප්‍රිකාව – පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කල මිකී ආර්තර්ගේ සේවය ලබාගැනීමට හැකිවීම පිළිබඳ සතුටුවන බවයි.