FAST NEWS

24×7 Around the Globe

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ක්‍රීඩක සංචිතවලට ඇතුළත් කර නොගත්, ඒ සඳහා ඇතුළත් කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරන ක්‍රීඩකයන් දසදෙනාගේ ලැයිස්තුව ඊයේ නිකුත් කෙරුණා.

අදාළ ක්‍රීඩකයන් අතුරෙන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම එල්.පී.එල්. තරගාවලියේ එක් කණ්ඩායමක් විසින් ඇතුළත් කරගත යුතු බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී ඇත්තේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජයද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, අෂාන් ප්‍රියන්ජන් සහ ශිරාන් ප්‍රනාන්දු එම ක්‍රීඩකයන් දස දෙනායි.