FAST NEWS

24×7 Around the Globe

නළු ආර්යා අලුත උපන් දරුවාට නම් තියෙලා

(ෆාස්ට් නිව්ස් |  චෙන්නායි) – දකුණු ඉන්දීය සිනමා නිළි ශයිෂා මීට මාස දෙකකට පෙර මවක් වු පුවත බොහෝ දෙනෙකු දැන් දන්නා කාරණයකි. පසුගිය ඔක්තෝබර් පළමුවැනිදාට යෙදි තිබුණ ලෝක ළමා දිනයදා ඇය සිය අලුත උපන් ගැහැණු දරුවට නම් තබා තිබෙන බව වාර්තා වෙයි.

වාර්තාවන අන්දමට ඇය හා ඇගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ආර්යා අලුත උපන් ගැහැණු දරුවාට අරියානා නම තබා ඇත. කෙසේ වෙතත්, ආර්යා හා ශයිෂාගේ මෙම දරුවා ප්‍රසිද්ධියකින් තොරව උපන් දරුවෙක් වන අතර, අරියානා ඉපදි මාසයක් ගතවනතුරුත් ඇය ගැන කිසිදු මාධ්‍යයකින් වාර්තා නොවීම සුවිශේෂිත්වයකි.