FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕමානයේ පැවැත්වෙන පන්දු වාර 20 තරගාවලියකට සහ ඉන් අනතුරුව විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනෙකු ඇතුළත්.

ඕමානයට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සදහා ඩුබායි වෙත පැමිනිමට නියමිතයි.