FAST NEWS

24×7 Around the Globe

ඕමාන තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය අද යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕමානය සමග විස්සයි විස්ස ක්‍රිකට් තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද එක්වන්නේ ද ඕමාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයයි.

ඕමානය සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ලබන 07 වනදා ආරම්භ වීමට නියම්ත අතර දෙවන විස්සයි විස්ස තරගය ලබන 09 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් සංඛ්‍යාව 23 ක්.