FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා : තීරණාත්මක අවසන් තරගය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 3 වන මෙන්ම අවසාන එක්දින තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙනවා.

මේ වනවිට කණ්ඩායම් 2 ම තරග 1 බැගින් ජයගෙන ඇති අතර, තරගාවලිය ජයග්‍රහණය කරන්නේ අද ජය ගන්නා කණ්ඩායම යි.

අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව 05 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේ යි.

එමෙන්ම, මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජු ව සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකට ම වැදගත් වනු ඇති.