FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාත්‍යන්තර පාපන්දු තරගවලදී මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවකට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට පෘතුගාල කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙනවා.

ඒ අනුව මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කියූ ඉරාන ජාතික අලි ඩේගේ වාර්තාව බිඳ හෙලා එය තමන් සතු කර ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙලෙස සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.