FAST NEWS

24×7 Around the Globe

මැණිකේ මගේ හිතේ ගීතයේ පරිශිීලකයන්ගේ සංඛ්‍යාව කෝටි 6 ක් දක්වා ඉහළට

නව පරපුරේ ගායිකාවක වන යොහානි ද සිල්වා ගයන මැණිකේ මගේ හිතේ ගීතය ලොවපුරා කෝටි 6 කට ආසන්න ජනතාවක් යු ටියුබ් ඔස්සේ මේ වන විට නරඹා තිබේ .ශ්‍රි ලාංකිකයෙකුගේ යු ටියුබ් නාලිකාවකට ලැබුණු දැවැන්තම ප්‍රතිචාරය ලෙස මෙය සැලකේ. කිසිදු අයුරකින් අපේක්ෂා නොකල ලෙසට මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වී තිබේ. ඉන්දිය සුපිරි නලු අමිතාබ් බච්චන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එම ගීතය නොඅසා සිටින්නට ඔහුට නොහැකි බවයි.

මලයාලි සහ හින්දි භාෂාවලින්ද එම ගිීතය ලබාදෙන ලෙස ඉන්දියානු රසික රසිකාවියන් යොහානි ද සිල්වාගෙන් අන්තර් ජාලය ඔස්සේ ඉල්ලීම් කර ඇත. දකුණු ආසියානු සංගීතයේ සුවිශේෂි නාද රටා දේශිය සංගීිතය සමග මුසුකරමින් මෙම ගීතයේ සංගිීතය නිර්මාණය කර ඇත.යොහානි ද සිල්වා කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇය ගායනා කරන මෙම ගිතය නොබෝ දිනකින් යු ටියුබ් පරිශිලකයන් කෝටි 10 ක් පමණ නරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ.