FAST NEWS

24×7 Around the Globe

මෙසී, ප්‍රංශ පාපන්දු සමාජයකට එක් වෙයි

(ෆාස්ට් නිව්ස් |  ස්පාඤ්ඤ ) – වසර 21ක් ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ප්‍රංශයේ පැරී – සෙන් – ජර්මා පාපන්දු සමාජයට එක් වී තිබෙනවා.

ඔහුට බාසිලෝනා පිලෙන් ඉවත්වීමට සිදු වූයේ ස්පාඤ්ඤ පා පන්දු රෙගුලාසිවලට අනුව නව කොන්ත්‍රාත්තුවක් අනුමත කිරීමට නො හැකි වීම හේතුවෙනි.

වයස අවුරුදු 17 සිට තමා ක්‍රීඩා කළ බාසිලෝනා පිලෙන් ඉවත් වීම මෙසීට සංවේදී සිදුවීමක් වුණා.

කෙසේ නමුත් ඔහු දැන් වසර 2ක කාලයක් සඳහා එක් ව සිටින ප්‍රංශ පා පන්දු සමාජයෙන් වාර්තාගත ගෙවීමක් හිමි වන බවට සඳහන්.

34 හැවිරිදි ලියොනල් මෙසී ලොව විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන රන් පාපන්දුව 6 වරක් දිනා ගෙන තිබෙනවා.