FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී අද ඇරඹේ. පළමු තරගය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ලෝක කුසලාන සුපර්ලීග් තරගාවලියට ඇතුළත් වන මෙම තරගාවලියේදී කණ්ඩායම් දෙකම නව නායකයන් යටතේ තරග බිමට පිවිසීම විශේෂත්වයකි.

දසුන් චානක. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය දෙන අතර ෂීකර් ධවාන් ඉන්දීය කණ්ඩායම මෙහෙයවයි. ඔවුන් දෙදෙනාම එක්දින කණ්ඩායම් මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර පකිස්තාන සංචාරයේදී පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස දසුන් චානක කටයුතු කළේය. එහිදී ශ්‍රී ලංකාවට තුනට බින්දුවක් ලෙස ජය අත්විය. කණ්ඩායම් 13 ක් එක්වන ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව 9 වන ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 12 වන ස්ථානයයි.