FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය පරදා එංගලන්තය එක්දින තරඟාවලිය ජය ගනී

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ ඊයේ පැවති තුන්වන එක්දින තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් ජයග්‍රහණය කිරීමත් සමගය.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදී තිබුණි.

එහිදී ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් බිඳවැටී ලකුණු 331ක් ලබාගත් අතර එහිදී නායක බාබ් අසාම් ලකුණු 158 ක් ලබා ගත්තේය.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 07ක් පමණක් බිදවැටී ලකුණු 332ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.