FAST NEWS

24×7 Around the Globe

නිතිට පිරිමි දරුවෙක් ලැබෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ප්‍රසිද්ධ නිතී මෝහන්ට පසුගිය ජූනි 17 වැනිදා පිරිමි දරුවෙකුට උපත දුන් පුවතක් වාර්ත වෙයි. නිතී ඇයගේ මිලියන 4.2ක රසික පිරිසක් සිටින සිය ‘ඉන්ස්ටර්ග්‍රැම්ස්’ සමාජ පිටුවේ අලුත උපන් පිරිමි දරුවා හ ඔවුන් පෙනී සිටින ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.

එමෙන්ම අලුත උපන් දරුවට මේ වනවිට නිතී නමක්ද තබා තිබෙන අතරේ ඒ ආර්යාවීර් පණ්ඩ්‍යා යන නමය. බොලිවුඩ් සුපිරි තරු වූ අනුෂ්කා ෂර්මා, ප්‍රියංකා චොප්රා, රිතික් රෝෂන්, රන්බිර් හා ආලියා ඇතුළු බොහෝ දෙනෙකු අලුත් උපන් දරුවාට මෙන්ම නිතීටද සුබපැතුම් පණිවුඩ නිකුත් කර තිබුණ බව සඳහන් වෙයි.