FAST NEWS

24×7 Around the Globe

අසභ්‍ය වචන භාවිතා කිරීමේ වරදට ඉක්බාල්ට දඩ

(ෆාස්ට් නිව්ස් | බංග්ලාදේශය) – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් දඩ පනවා ඇත.   

ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ (28) නිමා වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ICC විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු එහිදී විනය නීති සංග්‍රහයේ 2.3 වගන්තිය, එනම් “ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිතා කිරීම” යන වගන්තිය උල්ලංඝනය කර ඇති බව ICC ය සඳහන් කරයි.

ඒ අනුව තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් 15 % ක දඩ මුදලක් පනවා ඇති බවයි ICC යෙන් නිවේදනය කළේය.

ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද (demerit point) ඇතුළත් කිරීමට ICC තරග තීරකවරයා පියවර ගෙන ඇත.