FAST NEWS

24×7 Around the Globe

දීපිකා සහ පවුලේ සියල්ලටම කොවිඩ් වැළඳෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   

මේ වන විට දීපිකා සිය පවුලේ සියල්ල වාසය කරන්නේ බැංගලෝරයේයි.

අද උදෑසන දීපිකා ගේ පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඉන් පසුව සිදුකළ පරීක්ෂණ වලිදී දීපිකා ගේ මව සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඉකුත් මාසයේදී දීපිකා සහ ඇයගේ සැමියා වන රන්විර් සිං මුම්බායි හි සිට බැංගලෝරය බලා පැමිණ තිබේ.