FAST NEWS

24×7 Around the Globe

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණට

(ෆාස්ට් නිව්ස් |නවසීලන්තය ) – ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව ඇත.

මීට පෙර අංක එක ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

2020 මැයි මාසය දක්වා වු තරග සැලකිල්ලට ගනිමින් ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබේ.

මීට පෙර 04 වන ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පසුබැස ඇති බව සඳහන් වේ.

ශ්‍රේණිගත කිරීම්වලින් 09වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

මේ අතර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා.

ඉන්දියාව දෙවන ස්ථානයටත් නවසීලන්තය තුන්වන ස්ථානයටත් පත්ව ඇති අතර ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානය දක්වා පසුබැස ඇති බව වාර්තා වේ.