FAST NEWS

24×7 Around the Globe

අයිශ්වර්යාට නිවාඩුවක්

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – කාලයකට පසුව දමිල චිත්‍රපටයක් සඳහා සම්බන්ධව සිටින අයිශ්වර්යා රායිට මේ වනවිට කෙටි නිවාඩුවක් ලැබි තිබෙන බව වාර්තා වෙයි.   

ඒ ඇය පසුගිය දිනවල සම්බන්ධව සිටි මනිරත්නම්ගේ ‘පොන්නියන් සෙල්වන්’ දමිළ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු තාවකාලිව නවතා දැමීම හේතුවෙනි.

පසුගිය උත්සව සමය නිමාවත් සමග ඉන්දියාවේ ‘කොවිඩ්’ ආසාදිතයින් වාර්තා වන ප්‍රමාණයෙහි වැඩිවිම හේතුවෙන් මෙම තීරණය ගත් බව චිත්‍රපට අධ්‍යක්ෂක මනිරත්නම් පවසා තිබේ.

සුපිරි චිත්‍රපටයක් ලෙස නම් කර ඇති ‘පෙන්නියන් සෙල්වන්’ චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 100කට අධික වියදමක් දරා නිර්මාණය කරන්නක්ද වෙයි.