FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය රංගන ශිල්පී විවේක් දිවිගමනට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – දමිල සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වන විවේක් අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේය.    

මිය යන විට ඔහු 59 වන හැවිරිදි වියේ පසුවිය.

විවේක් චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර පසුගිය දිනක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි රෝහලකට ඇතුළත් කළේය.

ඔහු හෘදයාබාධයට ලක් වීමට දින කිහිපයකට පෙර කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති ඔහු සිය රංගනයෙන් චිත්‍රපට 500 කට වඩා සිය දායකත්වය ලබාදී තිබුණි.