FAST NEWS

24×7 Around the Globe

සංජු සැම්සන්ගේ IPL වාර්තා

(ෆාස්ට් නිව්ස් |  ඉන්දියාව) – මෙරව IPL ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් ඊයේ සමත්වුණා. ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 63 කදී ලකුණු 119 ක් රැස් කරමින්. කෙසේවෙතත්, මෙම තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කළේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දි කඩුළු 06 ක් දැවී ලකුණු 221 ක් රැස්කළා. එම ඉලක්කය හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණයි.

මෙවර IPL තරගාවලියට එක්ව සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනවා.