FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයා අක්‍රම් ඛාන්ට කොරෝනා

(ෆාස්ට් නිව්ස් |  බංග්ලාදේශය) – බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමාන ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයා වන අක්‍රම් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

52 හැවිරිදි ඔහු බංග්ලාදේශය නියෝජනය කරමින් ටෙස්ට් තරග අටකට සහ එක්දින ජාත්‍යන්තර තරග 44 කට සහභාගිවී තිබෙනවා.

කොරෝනා ආසාදනය හේතුවෙන් ඔහු දැන් සිය නිවසේ නිරෝධායනයට ලක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දෙවන කොරෝනා මාත්‍රාවද ලබාදී තිබෙනවා. ඔවුන්ට පළමු කොරෝනා මාත්‍රාව ලබාදුන්නේ පසුගිය පෙබරවාරියේ නවසීලන්ත සංචාරයට පෙරයි.

බංග්ලාදේශයේ කොරෝනා ආසාදනය පසුගිය කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් ලබන 14 වනදා සිට සතියක කාලයක් මුළුමනින්ම රට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කළා.