FAST NEWS

24×7 Around the Globe

ලෝක රූ රැජින කිරුළ කැරොලයින් අත හරින කතාව බොරුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක් සමාජගත වෙමින් ඇතැයි ලෝක විවාහක රූ රැජින තරගයේ මෙරට අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කැරොලයින් ජූරි ඊයේ දිනයේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ එම කිරුළ මෙවර ජයග්‍රාහිකාවට පලදවන බව මිස තම කිරුළ අත්හරින බවක් ඇය ප්‍රකාශ කර නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.