FAST NEWS

24×7 Around the Globe

2021 IPL අදින් ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – 2021 ඉන්දීය පි‍්‍රමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අදින් ඇරඹේ.    

ඒ අනුව චෙන්නායිහි චිදම්බරම් කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙන සමාරම්භක තරගයේදී රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාට් කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 7.30 ට තරග වැදීමට නියමිතයි.

අද පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමට අපේක්ෂිත කණ්ඩායම් දෙකේ සාමාජිකයින් වන්නේ , මුම්බායි ඉන්දියන්ස් – කි‍්‍රස් ලීන්, රෝහිත් ෂර්මා, සූර්ය කුමාර් යාදව්, ඉශන් කිශන්, හාර්දික් පාණ්ඩ්‍යා, කිරන් පොලාඞ්, කෘනාල් පාන්ඩ්‍යා, රාහුල් චහර්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, පි‍්‍රයුශ් චවුලා, ජස්පි‍්‍රට් මුම්රා.

රාජස්ථාන් රෝයල් – මොහොමඞ් අසාරුදීන්, විරාට් කෝලි, රජට් පට්දාර්, එ්. බී. ඩිවිලියර්ස්, ග්ලේන් මැක්ස්වෙල්, සචින් බෙබි, වොශින්ටන් සුන්දර්, කයිල් ජෙම්ස්, ඇඩම් සම්පා, යුශ්වෙන්දර් චහල්, මොහොමඞ් සීරාස් යන අයයි.

මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට කිසිදු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු තෝරා නොගත්තද ප‍්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ශී‍්‍ර ලංකාවේ හිටපු කී‍්‍රඩක මහේල ජයවර්ධන මෙවරත් කටයුතු කරනු ලබයි.