FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බව සඳහන් කරයි.   

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වා සිටියි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

පසුගිය ඉරිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක කිරුළේ තරඟය ජත්‍යන්තරයම අවධානයට ලක්කරන සිදු වීමක් බවට පත් වූ අතර මේ වන විය ජයග්‍රාහිකාව ලෙස පුෂ්පිකා ද සිල්වා මිය ප්‍රකාශයට පත් කර ඇත.