FAST NEWS

24×7 Around the Globe

මේධා ලගදීම රගපෑමට .

මේධා ජයරත්න පසුගිය කාලයේ හිටියේ එංගලන්තයේ. ඇය මේ වන විට නැවත ලංකාවට පැමිණ ඇගේ සුපුරුදු නිවේදන කටයුතු වගේම රංඟන කටයුතු වලටත් මේ වන විට දායක වෙනවා. මේධා ඇගේ සැමියා සුරංග සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙන අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට එන්න සූදානම් වෙන බව අපි‍ට දැන ගන්නට ලැබුණා.

‘මේ දිනවල මම සුපුරුදු විදිහට නිවේදන කටයුතුවලට දායක වෙනවා. ඒ වගේම සුරංගගේ අලුත්ම ටෙලිනාට්‍යය ‘කොළඹ අපි ආවා’ ටෙලි නාට්‍යයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ චරිතය හරි අපූරු චරිතයක්. මේ චරිතයේ මම රඟපාන්නේ ඈත පළාතක ඉඳලා කොළඹට ඇවිත් ජීවත් වෙන පවුලක ලොකු දුවගේ චරිතය. කොළඹට ඇවිත් ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු මේ නාට්‍යයට පාදක වෙනවා. මේ වන විට එහි පුර්ව නිෂ්පාදන කටයුතු සිදු කරමින් පවතිනවා.’