FAST NEWS

24×7 Around the Globe

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.   

සචින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ තමාට සුළු රෝග ලක්ෂණ මතු වී ඇති බවයි.

පවුලේ අන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තමන් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් වෛද්‍ය උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවත් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් කියා සිටියේය.