FAST NEWS

24×7 Around the Globe

චමින්ද වාස් යළි ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සඳහන් කරයි.   

එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.

චමින්ද වාස් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස කටයුතු කරනු ලැබීය.