FAST NEWS

24×7 Around the Globe

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.   

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුවයි.

මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් එම පදක්කම දිනූ දිනය වන්නේ ජූලි 31 වනදායි.