FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් කෝප් කමිටුව හමුවට කැදවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.  

අප්‍රේල් මස 23 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට දන්වා ඇත.

මේ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් යළිත් වරටක් කෝප් කමිටුව හමුවට කැඳවීමක් සිදුකර ඇත.

අප්‍රේල් මස 6 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දන්වා තිබේ.