FAST NEWS

24×7 Around the Globe

කීර්ති පැස්කුවල් ගෞරව සම්මානයකින් පිදුම් ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත ප්‍රධාන ආයතනයක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හතලිස් හයවන සැසි වාරයට සමගාමීව පසුගියදා ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ විශේෂ සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවයේ දී නීති, කලා, සමාජ සේවා, වෛද්‍ය සේවා හා පාරිසරික ඇතුලු අංශ 14ක් නියෝජනය කරමින් ජනතා මෙහෙවරක යෙදුනු විශේෂිතයන් අගයමින් සම්මාන සහ සහතික ප්‍රදානයක් සිදු කෙරිණි.   

මෙහිදී සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරමින් පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සුවිශාල ජනතා මෙහෙවරක නියැලීම නිමිති කොටගෙන කීර්ති පැස්කුවල් සම්මානයට පාත්‍ර විය.

මීට අමතරව සමාජ මෙහෙවරයන්හි නියුතු, විවිධ ක්ෂේත්රවල වෘතිකයින් 15 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

May be an image of 2 people and people standing

May be an image of 2 people and people standing