FAST NEWS

24×7 Around the Globe

රෝඩ් සේෆ්ටි අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අනු ශූරතාවය

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ශ්‍රී ලංකා ප්‍රවීණයන් ළකුණු 14 කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශූරතාවය දිනාගැනීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්විය.   

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 181ක් රැස් කර ගත්තා. ඉන්දියාව වෙනුවෙන් යුවරාජ් සිං ලකුණු 60ක් රැස් කළ අතර යුසුෆ් පතාන් නොදැවී ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 දැවී රැස් කළේ, ලකුණු 167ක් පමණයි. යලිත් සිය සුපුරුදු රිද්මයට පැමිණි සනත් ජයසූරිය පන්දු 35කදී අලංකාර 6 පහරක් ද සමගින් ලකුණු 43ක් රැස් කළ අතර කෞෂල්‍ය වීරරත්න පන්දු 15කදී ලකුණු 38ක් රැක් කර ගනු ලැබුවා. චින්තක ජයසිංහ ලකුණු 40යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව හිමිවියත.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා නායක ටී එම් ඩිල්ශාන්.