FAST NEWS

24×7 Around the Globe

කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.   

ඒ ඊයේ (19) පැවති අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත්කරමින්.

සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 18 බැගින් ලබා ගත්හ.

ඒ අනුව හෙට (21) පැවැත්වෙන අවසන් තරඟයේදී ප්‍රබල ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.

මේ අතර ඊයේ පැවති තරඟයෙන් පසු ශ්‍රී ලංකා නායක ටී. එම් ඩිල්ශාන් තරඟයේ වීරයා වූ කුලසේකරට හා තරඟයේ ක්‍රීඩකයා වූ සනත් ජයසූරියට මෙලෙස සුබ පැතුම් එක්කළේය.