FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ටෙස්ට් තරඟ දෙකක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වනදා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේයි මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම ටෙස්ට් තරග පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ එය කල් දමනු ලැබීය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 21වනදා පැවැත්වෙන්නේ පල්ලෙකැලේදීයි.

දෙවන තරගය අප්‍රේල් 29 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරගය ද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.