FAST NEWS

24×7 Around the Globe

චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් නැවතත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.   

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් චමින්ද වාස් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස තෝරාගෙන තිබුනද සංචාරයට පෙර ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ වලට හෙට දිනයේ පැමිණීමට නියමිත බවත් ඉන් අනතුරුව චමින්ද වාස්ගේ කොන්ත්‍රාත් ගිවිසුම සකස් කෙරෙන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.