FAST NEWS

24×7 Around the Globe

Colombo සිනමාපටය 18 වනදා සිට තිරගත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසම රන්දිල් ලියනගේගේ අධ්‍යක්ෂණයක් වන Colombo චිත්‍රපටය එළඹෙන මාර්තු 18 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට නියමිතයි.

හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, නිෂාන් කුමාර, රුක්මාල් නිරෝෂ්, ශානිකා නිරෝෂිනී. ජෙහාන් අප්පුහාමි ඇතුළු රංගන ශිල්පීන් රැසක් Colombo සිනමාපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

Colombo චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරිගේ වන අතර අනූෂ සංජීව එදිරිමුණි විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.

මෙම චිත්‍රපටය රූගත කිරීම් සහ සියලු වැඩ කටයුතු අවසන් කර ඇත්තේ මීට වසර 5 කට පෙරය.