FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අවසන් පූර්ව වටයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උපුල් තරංගගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් Road Safety World Series තරගාවලිය යටතේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 42ක පහසු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් විය.   

රායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්හ.

උපුල් තරංග පන්දු 47කින් නොදැවී ලකුණු 99ක් රැස් කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 11ක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138 ක් පමණයි.

පන්දු යැවීමේ දී තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 3 ක් බිද හෙලූ අතර, ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් දවා ගත්තේය.