FAST NEWS

24×7 Around the Globe

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ලෝකයේ විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් නැවත ක්‍රිකට් පිටියට අවතීර්ණ වන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’තරඟාවලිය අද (05) ඉන්දියාවේ රායිපුත් හිදී ආරම්භ වෙයි.  

අද දිනයේ සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (06) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව පිළිවෙලින් මාර්තු 8 වැනිදා, 10 වැනිදා සහ 14 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ එංගලන්තය සමගින් තරග වදිනු ඇත.