FAST NEWS

24×7 Around the Globe

සත් වසරකට පසු ජායා යළිත් සිනමාවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – සිනමා නිළියක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කාලයක් තිස්සේ කටයුතු කළ ජායා බච්චන් පසුගිය වසර හත පුරාවට බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබුණි.  

ඇය අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ 2016 වසරේ වන අතර, ඒ ආර්. බල්කි විසින් අධ්‍යක්ෂණය කළ ‘කී ඇන්ඩ් කා’ චිත්‍රපටයේය.

මිට දින කිහිපයකට පෙර ඇය නැවතත් ඉන්දීය සිනමාවට එක්වීමට තිරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ මරාති චිත්‍රපට 50ක් පමණ අධ්‍යක්ෂණය කර ඇති ගජේන්ද්‍ර අභයර්ගේ අලුත්ම සිනමා නිර්මාණය සඳහාය.

කෙසේ වෙතත්, ජායා හෝ ගජේන්ද්‍ර සිය අලුත්ම නිර්මාණය ගැන දැනට ප්‍රසිද්ධ කර නොමැති බව වාර්තා වෙයි.